ඉරානයට අයිති නෞකා 20කට වැඩියෙන් විනාශයි - ඇමරිකාවෙන් දැඩි ප්‍රකාශයක්
අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා ඉරානයට අයත් නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීමට හෝ මුහුදුබත් කිරීමට හැකි වූ බවයි.
අමෙරිකාව වැඩිදුරටත් වාර්තා කරන ආකාරයට ඊයේ රාත්‍රියේ එල්ල කරන ලද ප්‍රහාරයකින් පසුව, 'සුලෙයිමානි' (Soleimani-class) වර්ගයේ යුද නෞකාවක් ද එම විනාශ වූ නෞකා ලැයිස්තුවට එක් ව ඇත.
තවද ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීට අමෙරිකව සමත් වූ අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.