තත්ත්වය නරකයි - ඉරාන නැවෙන් 140ක් අතුරුදහන් බවට ආරංචියක්
ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා කරන ආකාරයට දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 140 දෙනෙකු අතුරුදන්වී ඇත. ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් මෙම ඉරාන යුද නෞකාව අනතුරට ලක්වි ඇති අතර අනතුරට ලක්වන විට අදාළ නෞකාවේ පුද්ගලයින් 180ක් පමණ සිට ඇත.
ඉන් 32 දෙනෙකු බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි. 'IRIS Dena' ලෙසින් හැඳින්වෙන මෙම නෞකාව අද (4) අලුයම අනතුරට ලක්වූ අතර, ඒ අවස්ථාවේදී එම නෞකාව සිදුකළ උදව් ඉල්ලීමේදී වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉහත පුද්ගලයින් බේරාගනු ලැබීය.
අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්