ලංකාවේ පාරවල් පාලුවට යයි - තෙල් ප්‍රශ්ණෙට බයේ ලාංකිකයන් ගෙවල් ඇතුළේ

Report

ආසන්න දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක මාර්ගවල පවතින රථවාහන තදබදය සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව තොරතුරු වාර්තා වේ. ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට බියෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වීම මීට ප්‍රධානතම හේතුව වී ඇත.

එසේම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ ඉදිරියේදී ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි පවතින සැකය මත බොහෝ පිරිසක් සිය අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කිරීමට පියවර ගෙන ඇත.

අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්

අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්

මෙම තත්ත්වය හේතුවෙන් වෙනදා දැඩි රථවාහන තදබදයක් පවතින නාගරික කලාපවල පවා මේ දිනවල පවතින්නේ ඉතා අවම වාහන සංඛ්‍යාවකි.

ඉන්ධන පිරිමසා ගැනීමේ අරමුණින් ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතයට වැඩි නැඹුරුවක් දැක්වීම හෝ ගමන් බිමන් අවලංගු කිරීම නිසා මෙලෙස මාර්ග තදබදය අඩුවී ඇති බව වාර්තා වේ.

ජනපති අනුර වැඩට බහී - වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට දුරකථන ඇමතුමක් ගනී

ජනපති අනුර වැඩට බහී - වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට දුරකථන ඇමතුමක් ගනී