මහනුවර දිස්ත්‍රික්කය ගැන භයානක හෙළිදරව්වක්

Report

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ඉහළ ගොස් තිබෙන බවට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ප්‍රකාශ කරයි.

එසේම ඔහු අනාවරණය කර සිටියේ මහනුවර මගී ප්‍රවාහන බස් රථ 3ක් අහඹු ලෙස පරීක්ෂා කිරීමේදී එම රියදුරන් තිදෙනා හා කොන්දොස්තරවරුන් දෙදෙනෙකුද අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිත කොට තිබූ බවටයි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විස මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම"ට එක්වෙමින්.

ලංකාව තවත් අමාරුවක වැටෙයි - ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය නීතිය බරපතළ විදිහට උල්ලංඝනය කරපු බවට වාර්තාවක්

ලංකාව තවත් අමාරුවක වැටෙයි - ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය නීතිය බරපතළ විදිහට උල්ලංඝනය කරපු බවට වාර්තාවක්

එහිදී තවදුරටත් අදහස් පළ කළ මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා,

"මේක ඉතාමත් භයානක උවදුරක්. 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. අපේ වැටලීම් වාර්තා අනුව මහනුවර කොට්ඨාසයේ හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 200ක විතර ප්‍රමාණයක් මේ අවුරුද්දේ වැඩි වෙලා. 2025දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 23ක් දක්වා 5 ගුණයකින් භාවිතය වැඩි වෙලා." "මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියුතු සේවකයෝ විශාල පිරිසක් මේවා භාවිතයට ඇබ්බැහි වෙලා. අපි අහඹු ලෙස පරීක්ෂා කළ බස් රථ තුනේම රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර තිබුණා. මෙහි භයානකකම කියනවා නම් අපිට හිතාගන්නවත් බැරි ඉහළ තැන්වල ඉන්න කාන්තාවෝ ප්‍රබල ආකාරයෙන් මේ සඳහා යොමු වෙලා ඉන්නවා. පාසල් දරුවොත් ඉන්නවා... කනගාටුවෙන් වුවත් කිව යුතුයි." "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්වෙලා. මේ මත් උවදුර තුරන් කිරීමේ මෙහෙයුම පොලිසියට විතරක් තනියම කරන්න බෑ. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍යයි." "මේ මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන්නේ විදේශ රටවල සිට. නුවර අක්කා, මාතලේ අක්කා, කුඩු සයිමා වගේ අය තමයි මහනුවරට මත්ද්‍රව්‍ය එවන ප්‍රධානියෝ." යනුවෙන් සඳහන් කළා.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්