T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට නවසීලන්තය සමත් වෙයි
කොල්කටාවේ ඊඩන් ගාර්ඩන්ස් හිදී නවසීලන්තය දකුණු අප්‍රිකාව කඩුලු 9 කින් පරාජය කරමින් දෙවන වරටත් විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
ෆින් ඇලන් පන්දු 33 කදී නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කළේය.
තරඟාවලියේ මෙතෙක් අපරාජිතව සිටින දකුණු අප්‍රිකාව ලකුණු 170 ක ඉලක්කයක් ලබාගෙන තිබූ අතර නවසීලන්තය ඕවර 12.5 කින් එය හඹා ගියේය.
කෙසේ වෙතත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී මෙම කණ්ඩායම් දෙක එකිනෙනා හා තරග වැදුණු පළමු අවස්ථාව මෙයයි.
එමෙන්ම මෙවර තරගාවලියේ මූලික වටයේ දීද මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අතර, එහිදීද නවසීන්තයට පරාජය වීමට සිදුවිය.