ආපදා වෙලාවේ රාජකාරි කළ නිලධාරීන්ට විශේෂ දීමනාවක්

Report

විස්තීරණ ආපදා අවස්ථාවන්හිදී සහ පශ්චාත් ආපදා කාලසීමාවන්හිදී රාජකාරි කටයුතු සිදුකරන රජයේ නිලධාරීන් සඳහා දීමනා ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම තීරණය රටේ වර්තමාන ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන ලෙස දීමනා සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මත පදනම්ව ගනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

2019 සැප්තැම්බර් 01 දිනැති චක්‍රලේඛය මගින් එවකට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම දීමනා සම්බන්ධ උපදෙස් නිකුත් කර තිබුණා.

ගෑස් මිල 130%කින් ඉහල යෑමේ අවදානමක් - ආර්ථික විශේෂඥයෝ අනතුරු අගවයි

ගෑස් මිල 130%කින් ඉහල යෑමේ අවදානමක් - ආර්ථික විශේෂඥයෝ අනතුරු අගවයි

එහෙත්, දැනට පවතින ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම දීමනා කාලානුරූපීව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නිරීක්ෂණ සහ යෝජනා මත පදනම්ව, දැනට බලපවත්නා දීමනා 100%කින් ඉහළ නැංවීමටත්, 2025 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 15 දක්වා වූ ආපදා අවස්ථාවේදී රාජකාරි කළ නිලධාරීන්ට සහ ඉදිරියේදී සිදුවන ආපදා අවස්ථාවන්හිදී රාජකාරි කරන නිලධාරීන්ට මෙම දීමනා ගෙවීමටත් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් තීරණය වී තිබෙනවා.

ප්‍රහාරයකට ලක්වුණු ඉරාන යුද නෞකාවක මළ සිරුරු 80ක් සොයා ගැනේ

ප්‍රහාරයකට ලක්වුණු ඉරාන යුද නෞකාවක මළ සිරුරු 80ක් සොයා ගැනේ

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමග, ආපදා කළමනාකරණයේ නියැලෙන නිලධාරීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ කැපවීම තවදුරටත් තහවුරු කිරීමට මෙය ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඊශ්‍රායල ආර්ථිකය කඩා වැටෙන ලකුණු - දැනටමත් යුද්ධ පාඩුව බිලියන 2.9 දක්වා ඉහළට

ඊශ්‍රායල ආර්ථිකය කඩා වැටෙන ලකුණු - දැනටමත් යුද්ධ පාඩුව බිලියන 2.9 දක්වා ඉහළට