කොරියාවේ පදිංචියට යන පුවත ගැන මෛත්‍රීගෙගේ විශේෂ ප්‍රකාශයක්.

Maithripala Sirisena Sri Lanka Politician
By Wayomi Apr 28, 2024 08:53 AM GMT
Wayomi

Wayomi

Report

තමන් ‍දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ, අනුව ඔහු සඳහන් කරන්නේ, තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.