ප්‍රධාන ආරාධිතයා වූ මෛත්‍රීගේ උත්සවයේ සෙනග නැතිව මෛත්‍රී තනිවෙයි..පුටු හිස්ව යයි..!(VIDEO)
Maithripala Sirisena
Sri Lanka
By Sewvandhi
මාස 2 කට පෙර
අද (26 )පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වුණු බුද්ධිමය අරගලය විසින් සංවිධානය කරන ලද රට ගොඩනගන අර්බුද විසඳුන ජාතික සංවර්ධනය එළිදැක්වීමේ එළිදැක්වීමේ උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වුණා. නමුත් මෙම අවස්ථාවට ජනතාව නොපැමිණි බවයි වාර්තා වන්නේ .
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසයි හිටපු ජනාධිපතිවරයා එක්ව සිටියේ. රට ගොඩනගන, අර්බුද විසඳන ජාතික සංවර්ධන සැලසුමේ පළමු කෘතිය නිල වශයෙන් හිටපු ජනාධිපතිවරයාට පිළිගැන්වීම සිදු කරනු ලැබුවා.
නමුත්, මෙම උත්සවය සඳහා විශාල පිරිසකට අසුන් වෙන් කර තිබූ අයුරු දක්නට ලැබුණ ද, ඒ සඳහා පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා සමග තවත් 10 දෙනෙකු පමණක් බවයි සඳහන් වන්නේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |