මෛත්‍රී ගොනු කළ රිට් පෙත්සමට අදාළ තීරණය

By Sithumi Oct 12, 2022 10:35 AM GMT
Sithumi

Sithumi

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලේ විභාගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. 

 ඒ, එම පැමිණිල්ලේ විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන නියෝගය ලබන 14 වනදා පෙරවරු 9.30 ට ප්‍රකාශයට පත්කරන බවටය. 

 එදින පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන මහතා ද අධිකරණය හමුවේ පෙනීසිටිය යුතු බවත් අභියාචනාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුනි. 

 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ එම පුද්ගලික පැමිණිල්ල ගොනුකර තිබේ. 

 මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්කර ඇත.