හිටපු ජනපති මෛත්‍රීගෙන් සැර ප්‍රකාශයක්..ආණ්ඩුවටත් ඇගිල්ල දිගුකරයි.(VIDEO)

Politics Sri Lanka Parliament Mahindananda aluthgamage Maitheepala sirisena
By Aruna Nov 25, 2021 06:41 AM GMT
Aruna

Aruna

Report

"මතක තියාගන්න ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මතයි" ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය රැඳී ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍ය දයාසිරි ජයසේකරට සිදු කළ පිළිතුරු කතාවෙන් පසු නැගී සිටි හිටපු ජනපතිවරයා කියා සිටියේ, තමන් ජනාධිපතිවරයා ලෙස රටට සැලකිය යුතු ආදර්ශයන් රැසක් ලබා දී ඇති බවයි.

ආණ්ඩුව තුළ පවතින මත ගැටුම පාර්ලිමේන්තුව තුළ හොඳින් විද්‍යමාන වූ මෙම සංවාදයේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ගැටුම් ඇති කරගත යුතු නැති බවයි.

එමෙන්ම ආණ්ඩුව මේ වනවිට පත් ව ඇති අප්‍රසාදයට සෘජුව ම වගකිව යුතු පුද්ගලයා කෘෂිකර්ම අමාත්‍යවරයා බවත් චෝදනා කළ හිටපු ජනපතිවරයා සිය දේශනය අවසන් කළේ ආණ්ඩුවක් විදියට කටයුතු කරන්නේ නම් අප සැම මිත්‍රශීලී ව කටයුතු කළ යුතු බවටයි.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ''මම හැමදේ ම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න අහිංසක මිනිහෙක්. අපිට ගහගෙන පුරුදු නෑ" යනුවෙනු යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now