මහියංගන පුදබිම පූජා භූමියක් බවට පත් වෙයි..
ඊයේ (28), මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්විණ.
එහිදී ඓතිහාසික මහියංගනය පුද බිම පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස්පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංඝ රත්නය වෙත පිරිනැමුණේ ය.
එමෙන්ම ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, පූජා භූමියේ පවතින විල්ලුවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම ආදි පිංකම් කිහිපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එම පිංකම් මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත හිමිගේ අනුශාසකත්වයෙන් සංවිධාන කර තිබූ අතර එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ වරාය නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |