පොහොර සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ.කළ අදහස...
ඉදිරි යල කන්නයේදී කුඹුරු අක්කර හෙක්ටයාර ලක්ෂ 05ක් වගා කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය පොහොර, දීලීර නාශක සහ පළිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 ක් මුල් කරගනිමින් මෙම පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.
" පසුගිය මහ කන්නයේ ආණ්ඩුව හරිත කෘෂිකර්මාන්තයට නියැලීමත් සමඟ අපි මේ පරිවර්තනයේ දී යම් යම් අඩුපාඩුකම් අපේ අතින් සිදු වුණා. සමහර තැන්වලට අපිට වෙලාවට පොහොර දී ගන්න බැරි වුණා. ඒ නිසා අපේ ගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අපට සහයට යුද හමුදාවත් ලබා දුන්නා මේ කටයුත්ත කරන්න.
ඒ නිසා මේ කන්නයේදී ගොවීන්ට කිසිදු පොහොර හිඟයක් ඇති නොවෙන්න දිස්ත්‍රික්ක මට්ටමින් වෙනම නිෂ්පාදකයින් හදලා ඒ පොහොර යවන්න කටයුතු කරලා තියෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |