මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

Report

වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අගදී මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, ඉන් පසු ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (2025 ජුනි 02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති 'ජාතික බදු සතිය' සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ;

"මහින්ද සිරිවර්ධන මහතා පැවසූ පරිදි, මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍යයක් බවට අපි පත්වුණා. එය නැවත සාධාරණ බදු පද්ධතියකට පරිවර්තනය කිරීම සඳහා, ආයතනික හා නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඉටු කරන ලදී."

පානදුරට ආ වෙඩික්කරුවෝ... 51 වැනි වෙඩි වරුසාව.. ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිතයක් බේරෙයි

පානදුරට ආ වෙඩික්කරුවෝ... 51 වැනි වෙඩි වරුසාව.. ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිතයක් බේරෙයි

"මේ මස අගදී එතුමා මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. ඉන් පසු, එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින් වැඩ භාර ගැනීමට නියමිතයි."

"මේ අවස්ථාවේදී, බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී එතුමා ඉටු කළ විශේෂ කාර්යභාරය වෙනුවෙන්, මහින්ද සිරිවර්ධන මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ සේවය අපි ඉහළින් අගයනවා" යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක