පානදුරට ආ වෙඩික්කරුවෝ... 51 වැනි වෙඩි වරුසාව.. ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිතයක් බේරෙයි [VIDEO]
පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වී තිබෙනවා.
අද (02) උදෑසන 8 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීම සිදු කර ඇති අතර ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමේ උත්සාහය ව්‍යර්ථ වී ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අදාල සිදු වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.