ගෝඨාභය සහ රනිල් අතර රහස් හමුවක්..මහින්ද තියාගෙන බැසිල්, ගෝඨාභය ඉවත් කරයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා.
රහසිගතව පැවති මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවති බවයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කළේ.
මේ අතර බත්තරමුල්ල නොළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමු සඳහා මෙතෙක් භාවිතා කරන ලද පසුතලය වෙනස් කිරීමකට ලක්ව තිබෙනවා.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ එම පසුතලයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතුන්වරුන්ගේ පින්තූර සමග පොහොට්ටුවේ නෙලුම් පොහොට්ටුව සලකුණ විටින් විට මාරුවන දර්ශනයක් පැවතිනි.
නමුත් මේ වන විට කර ඇති යාවත්කාලීනය අනුව එම සලකුණු වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සහ පොහොට්ටුව පමණක් කරකෙමින් මාරුවන දර්ශනය කර තිබේ.
ඒ අනුව එම මූලස්ථාන පසුතලයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)