අගමැති දිනේෂ් ප්‍රියන්තට සප්‍රයිස් එකක් දී රටින් පිටව යයි..දුන්නු දේ මෙන්න.(PHOTOS)

Sri Lanka Mahinda Rajapakshe Ithali Dinesh Priyantha Nanmal Rajapakshe
By Aruna Sep 10, 2021 01:09 AM GMT
Aruna

Aruna

Report

ටෝකියෝ නුවරදී පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ දිනේෂ් ප්‍රියන්තට නව නිවසක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම් දී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතියකින් අදාල නිවස කඩිනමින් ලබාදීමට කටයුතුකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී සඳහා අගමැතිවරයා ඉතාලියේ සංචාරය කරන අතර, විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ද ඊට සහභාගී වෙයි.

යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි .

අගමැතිවරයා මෙම සංචාරයේදී ඉතාලි අගමැතිවරයා ඇතුළු නායකයින් කිහිප දෙනෙකුද හමුවීමට නියමිතය .

මෙම සමුළුවට සහභාගී වන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සමුළුවෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery
ReeCha