අද දහවල් 12.00ට අගමැති තීරණාත්මක සාකච්ඡාවකට යයි.

Sri Lanka Teachers Mahinda Rajapakshe
By Aruna Oct 12, 2021 03:36 AM GMT
Aruna

Aruna

Report

අද (12 දා) දහවල් 12.00 ට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඊයේ (11 දා) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව සාර්ථක බවයි උන්වහන්සේ පැවසුවේ.

වැටුප් වැඩි කිරීම සඳහා ගුරු – විදුහල්පතිවරුන් ගෙනයන අරගලය සාධාරණ බව අගමැතිවරයා පිළිගත් බවත් වසර 24 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලුවට එකවර විසදුම් දිය හැකිද යන්න අද (12 දා) ගුරු සංගම් සමඟ සාකච්ඡාවේදී තීරණය වන බවත් උන්වහන්සේ සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha