මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට එරෙහිව තිබූ තහනමක් ඉවතට.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ආගමන හා විගමන පාලකවරයාට නියම කර ඇත.
ඒ අදාළ පෙත්සම අද කැඳ වූ අවස්ථාවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
තම සේවාදායකයන්ට පණවා තිබූ විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය ඉකුත් ඔක්තෝම්බර් මස 07 වැනිදායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ නොකළ බව එහී වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ය.
මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන නියෝගයක් නිකුත් කරන මෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)