රට රැකියාවකට යන්න හීන දැක්ක අයට.. රජයෙන් සුබ පණිවිඩයක් මෙන්න..
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ 2025 වසරේ දී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ බව එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමින් ය.
එහිදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ 2025 වර්ෂයේ දී වෘත්තිමය රැකියා සඳහා ශ්‍රමිකයින් සියයට 75ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 25ක පිරිසක් යොමුකිරිමට සැලසුම් කරන බවයි.
ඒ අනුව කුවේට් රාජ්‍යය සඳහා 84,000ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 55,000ක්, සෞදි රාජ්‍යයේ රැකියා සඳහා 52,000ක් යොමුකිරීමට බලාපොරොත්තු වේ.
කෙසේ වෙතත්, ඊශ්‍රායල් රැකියා 15,900, ජපානයේ රැකියා 9,000ක්, දකුණු කොරියාවට ශ්‍රමිකයින් 8,000ක් යොමුකිරීමට කාර්යාංශය සැලසුම් කර ඇත.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)