අගමැති මහින්දට ඉතාලියෙන් ලැබුණු විශේෂ පිළිගැනීම (VIDEO)

shiranthi rajapaksha Mahinda rajapaksha
By Sithumi Sep 11, 2021 12:08 PM GMT
Sithumi

Sithumi

Report

ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ඊයේ පස්වරුවේ ළගා වුණා. 

අගමැති මහින්ද ට ලැබුනු විශේෂ පිළිගැනීම පහත වීඩියෝවෙන් නරඹන්න 


 ගුවන් තොටුපළට පැමිණී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුව හෙට ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී ආරම්භ වීමට නියමිතයි. 

එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්ව සිටිනවා. මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්නයි. ජී 20 අන්තර් ආගමික සමුළුවට සමගමීව මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. 

ReeCha