අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි..! ජනපතිට යොමු කළ විශේෂ ලිපිය මෙන්න..

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව අද ප්‍රකාශ කළේය. ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ රටේ අසාර්ථක ආර්ථිකය සම්බන්ධයෙන් අගමැතිවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට මහජනතාවගේ ඉල්ලීම් මධ්‍යයේ ය.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුද සම්බන්ධයෙන් හුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බවට මීට පෙර වාර්තා පළවුවත් එම වාර්තා ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරයා එවැනි ඉල්ලීමක් කර නොමැති බවත් තමන් ඉවත් නොවන බවත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, බලයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය (SLPP) සහ එහි ප්‍රාදේශීය සභා අතර පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ..

GalleryGallery