අගමැති මහින්දට කොවිඩ්? අගමැති ලේකම් ගෙන් විශේෂ ප්‍රකාශයක්

Covid 19 Gotabhaya rajapaksha Mahinda rajapaksha
By Sithumi Aug 27, 2021 04:27 PM GMT
Sithumi

Sithumi

Report
457 Shares

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් පවසනවා..

ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා වල දැක්වුණේ කොරෝනා වෛරසය ආසාදනයවූ අග්‍රාමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකයට ඇතුලත් කර ඇති බවයි. අරුණ වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක්ගෙන්ම විමසා සිටියා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, අරලියගහ මන්දිරයට වී තම රාජකාරි කටයුතුවල යෙදෙමින් සිටින බවයි. එමෙන්ම අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now