හිටපු ජනපති මහින්ද ඇතුළු 05 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි..

Johnston Fernando Mahinda Rajapaksa Sri Lanka Prasanna Ranatunga
By Sithumi Dec 09, 2022 12:17 PM GMT
Sithumi

Sithumi

Report

 මැයි මස 09 වනදා ගාලුමෝදර පැවති ගෝඨා ගෝ ගම අරගල භූමියට කඩා වැදී පහර දීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව පවසමින් අරගලකරුවන් පස් දෙනකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. 

  ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජූනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. 

 ලහිරු චානක ඇතුළු අරගලකරුවන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබෙන අතර ඒවා අද විජිත් මළල්ගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලනු ලබනවා. 

 දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන බවයි. ඒ අනුව අදාළ පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 22 වනදා සිදු කරන බවත් නියෝග කල අතර පෙත්සම්කරුවන් කියා සිටින්නේ වග උත්තර කරුවන් ගේ ආධාර කරුවන් විසින් ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට ඉකුත් මැයි මස 09 වනදා කඩාවැදී එල්ල කළ ප්‍රහාරය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවයි. 

 ඒ අනුව සාමකාමී අරගලවලට පහර දීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ සඳහා වූ මාර්ගඋපදේශ මාලාවක් සකස් කර ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. 

 මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නම් කර තිබුණද ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන නොකරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නඩු කටයුතු වලින් මුදාහැරීමට ද නියම කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now