වැලිගම ලසන්ත ඝාතන සිද්ධිය පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 4ක්

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටියදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව ඇත.

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

ඒ අනුව අද (22) දින උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් සභාපතිවරයා බරපතළ තුවාල ලබා තිබුණු අතර ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

අනාවරණය වී ඇත්තේ සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවයි.

හදිසියේම කෙහෙල්බද්දර පද්මේගේ මිලියන ගාණක දේපල පොලිස් භාරයට

හදිසියේම කෙහෙල්බද්දර පද්මේගේ මිලියන ගාණක දේපල පොලිස් භාරයට