හොරු අල්ලන්න ආපු විජිතට මහින්ද ගේයි - මෛත්‍රී ගේයි උණුසුම් සුබ පැතුම් ලැබුණු හැටි. - (PHOTO)
Mahinda Rajapaksa
Maithripala Sirisena
Vijitha Herath
By Wayomi
ඊයේ(25) මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා හා නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය විජිත හේරත් ද සහභාගී වී සිටියා.
එමෙන්ම මෙහිදී විජිත හේරත්ට පැමිණ සිටි පිරිස නව පත්වීම හා ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර එහිදී මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන ඔහුව උණුසුම් ලෙස පිළිගත් අයුරු දක්නට ලැබුණා.