ඉදිරියේ දි රටේම සහල් හිගයක්..? ගණනුත් ඉහළ යයි ද.. වියළි කාලගුණය නිසා වෙන්න යන දේ...?

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By krishani Aug 14, 2023 05:46 PM GMT
krishani

krishani

Report

පවතින වියළි කාලගුණ තත්ත්වය සහ සිදු වූ හානිය හේතුවෙන් සහල් හිඟයක් ඇතිවේදැයි සොයා බලමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සතියක කාලයක් සඳහා යම් වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබා දී ඇති බවයි.

පවතින වියළි කාලගුණය හමුවේ යල කන්නය අසාර්ථක බව සහ එහි ගබඩාව පවතිනුයේ මාස කිහිපයක් බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලන ද අද පවසා තිබුණා.

කෙසේවෙතත් මෙවැති තත්වයක ජනතාව කලබලයෙන් සහල් රැස් කර ගත යුතු නොවනවා.

මේ අතර වගා හානි සිදුවු අයට වන්දි ලබා දීමේදි සිය වගාවන්ට ගිනි තැබු අයට වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම හා රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඔවුන් මේ බව මහින්ද අමරවීර අමාත්‍ය්වරයාටද දැනුම් දී ඇති අතර වගා හානිය ඔවුන්ගේ තක්සේරු කිරීමට හැකියාවක් නැති බවයි ඔවුන් කියා සිටියේ.

- සිතුමි -

ReeCha