පවුල පිටින්ම නිවාඩුවක් ගත කරන්න ගිහින් හොඳටම නාගන්න වුනු ජනප්‍රිය නිලි මහේෂි මදුසංකා සැමියා සමග කළ වැඩේ.. ( PHOTOS)
මහේෂි මදුසංකා ලංකාවේ සිටින ජනප්‍රියතම නිලියන් අතර සිටින රූමත් තරුණියෙක් බව අපි කව්රුත් දන්නවා.ඒ විතරක් නෙවෙයි දක්ෂ නර්තන හැකියාවත් තිබෙන බව පසුගිය දිනවල පැවැත්වුන රියලිටි වැඩසටහන් වලින් අපිට දැනගන්නට ලැබුනා
. මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගල දී වන අතර ඇගේ පියා ව්‍යාපාරිකයෙක්. ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වුනා.මහේෂි තම පාසලේ වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද දක්ෂ ලෙස රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා. ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.මහේෂි තම පුංචි කැදැල්ලේ දරුවන් දෙදෙනෙකුගේ සුන්දර මවක් ද වනවා.මහේෂි මෙලෙස රංගනයට එකතු වන්නේ රූ රැජිණ කිරුල දිනාගත් රූමතියක් ලෙසින් බව අපි දන්නවා.
මහේෂි රංගනයට දායක වූ නිර්මාණ අතරින් වඩාත්ම ජනප්‍රිය වූ නිර්මාණ ලෙස චායා,පැහැසරා,හා ඇය යන ටෙලි නාට්‍ය දක්වන්න පුළුවන්. ය ටෙලි නාට්‍යයෙන් පසුව දැන් පුංචි තිරයේ අපට දැකගන්න නොලැබුණු මහේෂි පුවත් පත් සාකච්චාවකට එකතු වෙමින් කියලා තිබුනේ මේ වගේ කතාවක්. සැමියාගේ රැකියාවක් එක්ක එයා නම් ටිකක් කාර්ය බහුලයි. මගේ මහත්තයත් මට ගොඩක් ආදරෙයි.
එයා මට කතාකරන්නේ සුදු අම්මා කියලා. දැන් නම් මගේ ජීවිතේ අංගසම්පූර්ණයි කියලා දැනෙනවා.ආදරණිය සැමියෙක් ලැබුනා, ඒ වගේම දරුවන් දෙදෙනෙක් ඉන්නවා. සැමියා කාර්ය භහුල වුනත් ගෙදර ආවාම ගෙදර ඔක්කොම වැඩවලට වගේම මගේ වැඩවලටත් හරියට උදව් කරනවා. හැම විදියටම සැමියෙක්, ආදරවන්තයෙන්, යාලුවෙක් වගේ මාත් එක්ක ගොඩක් සුහදව ඉන්නවා.මගේ සැමියා තමයි සම්පත් දිසානායක, මම එයාට වෙලාවකට මැණික, බබා ඒ වගේ ඒවා කියලා තමා කතා කරන්නේ.
එයා මට ලොකු ලොකු නීති දාලා නැහැ බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කියලයි ඇය පවසන්නේ සැමට ආදර්ශයක් සපයමින් තම සැමියා සමග ඉතා සුන්දර, ආදරණීය යුග දිවියක් ගත කරන මේ සුරූපී රංගන ශිල්පිනිය මේ වන විට ඇය මෙන්ම හුරුබුහුටි කුඩා දරුවන් දෙදෙනකුගේ සාඩම්බර මවක් ද වනවා.තම ආදරණීය සැමියා හා දරුවන් දෙදෙනා ද සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට කැමති ඇය එලෙස ගත කරන සෑම අවස්ථාවකම මතක සටහන් ලෙස ඡායාරූපයක් ලබාගෙන ඇයට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයින් සමඟ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍යයන්ට මුදා හැරීමටත් අමතක කරන්නේ නැහැ
.ඉතින් එලෙසට පසුගිය දිනකද තම පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකිරීමට ගොස් ලබාගත් සුන්දර ඡායාරූප පෙලක් ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන් අපි රැගෙන එන්න සිතුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |