මහේන්ද්‍ර සින් දෝනි මෙරට ක්‍රීඩකයෙක් ගැන ක්‍රිකට් බළධාරීන්ට කියූ කතාව
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙක් නොවන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං ධෝනි පවසනවා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං ධෝනි පළ කළේ මෙවන් අදහසක්
, "මම පෞද්ගලිකව හිතන්නේ ඔහු රතු - පන්දු තරග ගොඩක් ක්‍රීඩා කළ යුතු නැහැ. මම හිතන්නේ ඔහු ඉන් ඈත් කර තබන්න ඕන.සුදු පන්දු ක්‍රිකට්වල පවා පන්දුවාර 50 රටාව ඔහු හැකිතාක් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි. ICC තරගාවලි ක්‍රිඩා කළ යුතුයි.මොකද එයා ගොඩක් වෙනස් වෙන කෙනෙක් නොවෙයි.සෑම විටම තීරණාත්මක අවස්ථාවලදී ඔහුව භාවිත කරන්න පුළුවන්.
නමුත් ඔහු සියලු ICC තරගාවලි සඳහා සුදුසු තත්ත්වයකින් පසුකර ගැනීමට වග බලා ගත යුතුයි. ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි." ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවති තරගයකින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 139ක් වනාතර ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ කඩුලු 3 ක් දවාගත් අතර ඔහුගේ පන්දුවාර හතරේදී ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 15ක් පමණයි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී ජය ලැබූ අතර තරගයේ වීරයා සම්මානය මතීෂ පතිරණ හිමිකරගත් අතර මෙතෙක් IPL ඉතිහාසයේ තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ළාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහුයි.