මහකනදරාව වැව් බැම්ම අනතුරක ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

Report

කුඹුරු අක්කර හත්දහසකට පමණ ජලය සැපයෙන මිහින්තලේ මහ කනදරා වැව මැදින් දිවෙන පුත්තලම ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ කනදරා වැව අසලින්, එම වැව් බැම්මේ රෑස්ස ගස් සහ වැව් බැම්ම ගිලා බැසීමට ලක්ව, පස් කන්ඩි වැව තුලට කඩා වැටීම ආරම්භ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි

උතුරු ජල ව්‍යාපෘතිය සඳහා මොරගහ කන්ද ජලාශයෙන් ජලය ගෙනැවිත් මහකනදරා වැවට දමා මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට තිබුණත්, අහස් දියෙන් වැවට එකතු වන ජලයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදුවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මහ කනදරාව වැවට අවශ්‍ය ජලය අහස්දියෙන් එකතු කර ගැනීම සඳහා පෙර පැවති, පිට වාණට වඩා අඟල් 8කින් වැවේ වාන ඉහලින් සකස් හේතුවෙන් වැවේ ගබඩාවන ජලධාරිතාවය වැඩි වීම හේතුවෙන් ප්‍රධාන වැව් බැම්මට මෙලෙස හානි වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

මෙහෙම ගියොත් බස්වල යන්නත් බැරිවෙයි - වාහන නැති අය මොකද කරන්නේ ?

මෙහෙම ගියොත් බස්වල යන්නත් බැරිවෙයි - වාහන නැති අය මොකද කරන්නේ ?

ප්‍රධාන වැව් බැම්ම දෙපස රළපනාවක් නොමැති වීම මෙන්ම, වැවේ ජල මට්ටමද වාන ඉස්සීම හේතුවෙන් වැඩි වීම නිසා පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ එම ඉවුරු ඛාදනය වී වෑකන්දෙ පස් කන්ඩි, සහ විශාල ප්‍රමාණයේ ගස් වැව තුළට කඩා වැටෙමින් වැව් බැම්මට දැඩි ආලාභානි සිදුවෙමින් පවතින බව ඒ අවට ප්‍රදේශවාසීහු මෙහිදී පෙන්වා දුන්හ.