දැකලා පුරුදු සඳට වඩා මේක වෙනස් - සදේ නොදුටු පැත්ත ගැන Artemis II මෙහෙයුමෙන් අනාවරණයක්
නාසා ආයතනයේ Artemis II මෙහෙයුමට එක්ව සිටින අභ්‍යවකාශගාමීන්, සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත (Far side of the Moon) ප්‍රථම වරට සියැසින් දැකීමේ අත්දැකීම විස්තර කර තිබේ.
ඒ අනුව රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන අභ්‍යවකාශගාමීන් සිව්දෙනා මේ වන විට ඔරායන් යානයේ නැගී සිය මෙහෙයුමේ තෙවන දිනය පසු කරමින් සිටිති.
මෙම ගමනේදී ඔවුන් විසින් සඳ මත පිහිටි දැවැන්තම සහ හොඳින්ම ආරක්ෂා වී ඇති බහුවලයාකාර ආවාටයක් වන 'ඔරියන්ටේල් ද්‍රෝණියේ' (Orientale Basin) ඡායාරූපයක් ද එවා තිබේ.
එම අසාමාන්‍ය දසුන දුටු ක්‍රිස්ටිනා කොක් සඳහන් කළේ තමන් දැක පුරුදු සඳට වඩා එහි යම් වෙනසක් පවතින බවයි. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, සෙනසුරාදා රාත්‍රී 11:00 වන විට ආටෙමිස් II යානය පෘථිවියේ සිට සැතපුම් 180,000කට (කිලෝමීටර 289,681) වඩා දුරින් ගමන් කරමින් තිබුණි.
සඳ වටා ගොස් නැවත ආරක්ෂිතව පෘථිවියට පැමිණීම අරමුණු කරගත් මෙම ඓතිහාසික මෙහෙයුම මිනිසා නැවත සඳ වෙත ගෙන යාමේ වැඩපිළිවෙළෙහි තීරණාත්මක පියවරකි.