පොලිස් සැරයන්වරයකු සහ ගුවන් හමුදා සෙබළෙකු ලෙස පෙනී සිටිමින් සිදු කෙරූ විශාල වංචාවක්

Report

ත්‍රිරෝද රථ අලෙවි කරන බවට අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ දැන්වීම් පළකර, පොලිස් සහ ගුවන් හමුදා නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයින පුරා පුද්ගලයන් මුළා කළ සැකකරුවන් දෙදෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ  අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ සහ සියඹලාගුණ ප්‍රදේශවල පදිංචි 43 සහ 47 වියේ පසුවන පෙදරේරුවන් දෙදෙනෙකි.

මොවුන් ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා පොලිස් සැරයන්වරයකුගේ සහ ගුවන් හමුදා සෙබළෙකුගේ නිල හැඳුනුම්පත්වල ඡායාරූප 'වට්ස්ඇප්' (WhatsApp) හරහා යොමු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයට අනුයුක්ත සැරයන්වරයකුගේ සහ ගුවන් හමුදා සෙබළෙකුගේ හැඳුනුම්පත් මොවුන් මෙලෙස අවභාවිත කර තිබේ.

මහියංගනය, බදුල්ල, නුවරඑළිය, කටුවන සහ රාගම යන ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් අත්තිකාරම් මුදල් ලෙස රුපියල් 230,000කට අධික මුදලක් සැකකරුවන්ගේ බැංකු ගිණුම්වලට බැර කරවාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

දැකලා පුරුදු සඳට වඩා මේක වෙනස් - සදේ නොදුටු පැත්ත ගැන Artemis II මෙහෙයුමෙන් අනාවරණයක්

දැකලා පුරුදු සඳට වඩා මේක වෙනස් - සදේ නොදුටු පැත්ත ගැන Artemis II මෙහෙයුමෙන් අනාවරණයක්

Q.R සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට ක්‍රියාත්මක වේ

Q.R සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට ක්‍රියාත්මක වේ