ඉන්ධන නෑ කියලා මෙහෙම කරොත්නම් දැඩි දඩුවම් - කිහිපදෙනෙකු පොලිස් දැලේ

Report

පොලිසිය පවසන්නේ ගතවූ මාසයක කාලය තුළ සිදු කළ වැටලීම්වලදී නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ මාර්තු මස 3 වනදා සිට ඊයේ (04) දිනය දක්වා වූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

එම වැටලීම්වලදී ඉන්ධන ලීටර් 52,000 ඉක්මවූ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඩීසල් ලීටර 47,006ක්, පෙට්‍රල් ලීටර 2668ක් සහ භූමිතෙල් ලීටර 2706ක් ඒ අතර වන බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අද සිට අප්‍රේල් 15 දක්වා ප්‍රවේශම් වෙන්න - අද දහවල් 12.13ට විශේෂයි

අද සිට අප්‍රේල් 15 දක්වා ප්‍රවේශම් වෙන්න - අද දහවල් 12.13ට විශේෂයි

ගෝලීය වශයෙන් බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක අනීතික ලෙස ඉන්ධන එක්රැස් කරමින් ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන මෙවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් සිදු කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය. මේ අතර බලපත්‍ර නොමැතිව ඩීසල් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 180ක් සොයා ගැනීමට හැකිව ලැබුණු බවය.

මුළු මැදපෙරදිගම අපායක් කරනවා - ඉදිරි පැය 24 තීරණාත්මකයි - උණුසුම් මොහොතක්

මුළු මැදපෙරදිගම අපායක් කරනවා - ඉදිරි පැය 24 තීරණාත්මකයි - උණුසුම් මොහොතක්

අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මේ අතර බලපත්‍ර නොමැතිව භූමිතෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සෙවනගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ භූමිතෙල් ලීටර් 1000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හා 49 හැවිරිදි සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.