දිට්වා සුළි කුණාටුවත් සමග හානිවූ ස්ථාන සියල්ල ලබන වසර අවසන් වන විට ප්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැළසුම් කර තිබෙන බව නියෝජ්‍ය ඇමති ප්‍රසන්න කියයි
මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමග හානිවූ ස්ථාන සියල්ල ලබන වසර අවසන් වන විට ප්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැළසුම් කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ සිදුකර මහනුවර දක්වා දුම්රිය ධාවනය මෙම වසරේදී සිදු කිරීමට ද කටයුතු යොදා ඇති බවයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ එම් බස්නායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව තිබේ.
ඒ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙනි .
ඒ වගේම හානි සිදුවූ නිවාස වෙනුවට නව නිවාස ඉඳීකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක චෙක්පත් ප්‍රදානය ද මෙහිදී සිදු කර ඇත