අබුඩාබි ඇවිලෙයි - බලාගාර ගිනි ගනී - සියලු කටයුතු වහාම
අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ අබුඩාබිහි පිහිටි 'බෝරුජ්' (Borouge) පෙට්‍රොකෙමිකල් බලාගාරය තුළ ඇති වූ ගිනි ගැනීම් කිහිපයක් පාලනය කිරීමට එරට ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි.
අහසේදී විනාශ කරන ලද ප්‍රක්ෂේපණයක සුන්බුන් බලාගාරය මතට පතිත වීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව බලධාරීන් තහවුරු කර ඇත.
සිද්ධියත් සමඟ බලාගාරයේ මෙහෙයුම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ. බලාගාරයට සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ තක්සේරුවක් සිදු කරන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව අබුඩාබි මාධ්‍ය ඒකකය (Abu Dhabi Media Office) නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ගිනි ගැනීම් හේතුවෙන් මෙතෙක් කිසිදු පුද්ගල තුවාල ලැබීමක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ. ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇතැයි වාර්තා වේ.