Q.R සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට ක්‍රියාත්මක වේ

Report

ශ්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු සඳහා වන ජාතික QR ගෙවීම් පද්ධතිය හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය හෙට (06) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

ඒ  අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ මඟින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් අපේක්ෂා කෙරේ.

ආර්ථික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මූල්‍ය අන්තර්ගත භාවය (Financial Inclusion) තහවුරු කිරීම සහ මූල්‍ය විනිවිදභාවය ඇති කිරීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

විදේශීය ඩිජිටල් සේවාවලට 18% වැට් බද්ද ජූලි 1 දක්වා තවත් කල් දැමේ

විදේශීය ඩිජිටල් සේවාවලට 18% වැට් බද්ද ජූලි 1 දක්වා තවත් කල් දැමේ

ඒ අනුව එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු භාවිත කිරීම මඟින් ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට එල්ල වී ඇති බාධා ඉවත් කිරීමටත්, මූල්‍ය විනිවිදභාවය වැඩිකිරීමටත් මෙම ජාතික QR පද්ධතිය මඟින් හැකියාව ලැබෙන බව රජය පෙන්වා දෙයි.

ඒ අනුව හෙට දින සිට මෙම ජාතික වැඩසටහන (National QR Payment Adoption Launch) දිවයින පුරා ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

වෛද්‍යවරුන්ට තර්ජනය කරලා, රාජ්‍ය සේවයෙන් අයින් කරනවා කියලා - GMOAයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක්

වෛද්‍යවරුන්ට තර්ජනය කරලා, රාජ්‍ය සේවයෙන් අයින් කරනවා කියලා - GMOAයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක්