අඩු ආදායම්ලාභීන්ට නව නිවාස
පෑලියගොඩ රෝහණ විභාර පෙදෙසේ අඩු ආදායම්ලාභී සහ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් ඉදිකරමින් ඇති මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඊයේ (04) ක්ෂේත්‍ර නිරීක්ෂණයකට එක්විය.
පර්යන්ත දෙකකින් සහ මහල් 16කින් යුතු මෙම නිවාස සංකීර්ණයේ නිවාස ඒකක මුළුමනින් 615ක් නිර්මාණය කිරීමට predestined වන අතර, එක් නිවාස ඒකකයක ප්‍රමාණය වර්ග අඩි 530ක් පමණ වේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,620ක වැයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2024 දෙසැම්බර් මාසයේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2027 දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා දේශීය මෙන්ම චීන ඉදිකිරීම් නිපුණතා සහ පළපුරුද්ද සහිත සේවක කණ්ඩායම් අනුයුක්ත කර ඇත. ක්ෂේත්‍ර නිරීක්ෂණය අවසානයේ නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන් අමතමින් පැවසුවේ, නිවාස ඉදිකිරීම් සියල්ල ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළ යුතු බවත්, බිත්ති හයක සංකල්පය වෙනුවට සැබෑ නිවසක ආකෘතිය ඇතිව ඉදිකිරීමට කටයුතු කළ යුතු බවත්ය.
මෙම ව්‍යාපෘතිය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකිවන පරිදි තිරසර ව්‍යාපෘතියක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය අමතර පහසුකම් සහ යෝග්යතාවන්ද ඇතුළත් කර ඉදිරි සැලසුම් සකස් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්හ.