මහා මාන්කඩවල වැව් බැම්ම යළිත් බිඳී යයි - පවුල් රැසක් දැඩි අසීරුතාවයට

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල, මහා මාන්කඩවල වැව නැවත වරක් බිඳී ගොස් ඇති බව වාර්තා වේ .

ගොවීහු මැසිවිලි නඟන්නේ මේ හේතුවෙන් අක්කර සිය ගණනක වගාබිම් ජලයෙන් සහ වැලිවලින් යටවී දැඩි හානි සිදුව තිබෙන බවයි. ​

මීට පෙර 'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙම වැව බිඳී ගිය අතර, එම අවස්ථාවේදී බලධාරීන් මැදිහත් වී වැලිකොට්ට යොදා තාවකාලිකව වැව් බැම්ම පිළිසකර කිරීමට පියවර ගෙන ඇත.

කාලගුණය එන්න එන්න නරක අතට - මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට - පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

කාලගුණය එන්න එන්න නරක අතට - මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට - පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

නමුත්   පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට බලපෑ තද වැසි හේතුවෙන්, පෙර කැඩී ගිය ස්ථානයෙන්ම වැව් බැම්ම යළිත් බිඳී ගොස් තිබේ. ​

වැව් බැම්ම බිඳීයාම නිසා පිටාර ගැලූ ජලය ​සහ වැලි කඳු හේතුවෙන් දැනට වගාකර ඇති කුඹුරු මෙන්ම වගා කිරීමට සූදානම් කර තිබූ කුඹුරු අක්කර රැසක් විනාශ වී ඇත මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි පවුල් රැසක් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව සදහන්ය  .

මුළු ලංකාවටම පීඩනේ දුන්න ඊසානේ අඩුපීඩන කලාපයේ ඉදිරි පැය 48 තුළ වෙන්නේ මේකයි - රටටම දැනුම්දෙයි

මුළු ලංකාවටම පීඩනේ දුන්න ඊසානේ අඩුපීඩන කලාපයේ ඉදිරි පැය 48 තුළ වෙන්නේ මේකයි - රටටම දැනුම්දෙයි