සිනමාවේ මහා සලකුණ ජැක්සන් ඇන්තනීගේ ජන්ම දිනය අදයි- පියාගේ උපන්දිනයදා දියණිය මාධවී ඇන්තනී තැබූ කාගේත් හදවත් සසල කළ ආදරණීය සටහන මෙන්න

By Kanchana Jul 08, 2026 07:58 AM GMT
Report

ජැක්සන් ඇන්තනී කියන්නෙම රංග පාසලක් . ඉතිං එතුමන් අපි අතරෙන් වෙන්වුණත් ඒ මතකය සදාකල්ම තියනවා

ඔහු උපදින්නේ 1958.07.08 දිනක . ඒ කියන්නේ අදවගේ දිනකයි.

 වේදිකාව, රිදී තිරය සේම පුංචි තිරය ද ඔහු එක සේ ජය ගත්තේය.

 දෑස පියා ගත් කල මැවෙන්නේ, ඔබේ රුව බව කුමාරියට හඬ ගා ගැයුවේ ජැක්සන් ඇන්තනී නම් මහා කලා කරුවාය

ගුරු ගෙදර ,චිට්ටි ,අයෝමා ,විසි දැල (1994) ,ලොකු දුව (1994) ,භව දුක ,භව කර්ම  ,ගිනි අවිසහ ගිනි කෙළි ආදී අමතක නොවන සිනමා පට වලට ඔහු පණ පොවා තිබේ.

බෙර හඬ, අත් ඔත්තුකාරයා, මෙතනින් මාරු වෙනු ,ලෝමහංස ,තාරාවෝ ඉගිලෙති  ආදී ඔහු අපූරුවට රංගනයෙන් හැඩ කළ වේදිකා නාට්‍යයි.

  සිතේ සුසුම් නිවන ගයන (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ) ,දෑස පියා ගත් කල (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ), දේවතාවන් සිටින දවල් (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ) ,රෑ තාරකාවෝ (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ),  ලන්දේ උකුල උඩ අදී අදටත් නොමැකෙන ගීත රැසක් ඔහු සතුයි. 

කතා හැදුණු ආදර කතාව කෙළවර වූ තැන - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා කාටත් නොකියා කරපු දේ අලුත්ම ටික මෙන්න

කතා හැදුණු ආදර කතාව කෙළවර වූ තැන - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා කාටත් නොකියා කරපු දේ අලුත්ම ටික මෙන්න

ඔහු සකල කලාවන්ගෙන්ම පරිපූර්ණ අපූරු දක්ෂ කලාකරුවෙකි

එහෙත් 2023 ඔක්තෝබර් 09 වැනි ඒ අවසානාවන්ත පුවත අපට අසන්නට ලැබුණි .

ඔහු අහිමි වූ අඩුව කිසිදින පිරවීමට නොහැකිවනු ඇත.

අදටත් ඒ අඩුව හොදාකාරවම කලා ක්ෂේත්‍රය තුළ දැනෙයි. ඉතිං ජැක්සන් ඇන්තනි කලාකරුවාණනි

ඔබට සුබ උපන්දිනයක් වේවා

අද දින උපන්දිනය සමරට ඔහුට මාධවී හරි අපූරු සටහනක් මුහුණුපතට එකතු කරලා තිබුණා .

අප්පච්චි මේ ලෝකෙ උපන්නෙ අද වගේ දවසක..
❤️‍🩹 1958.07.08 පොඩිකුඹුරෙ ඇත්තො කිව්වෙ "මැල්සි උපන්නෙ ජූලි හතක් පහු කරන්" කියලලු. "යළි අප අතරේ උපදීවා" කියන්න බෑ අවංක හිතින්.
"හොඳ ජීවීන් අතරේ උපදීවා" මගෙ හොඳ අප්පච්චි!
ඉන්න තැනක සතුටින් ඉන්න මගේ පැතුම එච්චරයි. මට නැති වුනාට කමක් නෑ. අප්පච්චි හොඳින් නම්.