පසුගිය රජයට අයත්ව තිබු සුඛෝපභෝගී වාහන අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කිරීමට උපදෙස්...(PHOTO)

Report

මේ වනවිට ගාලු මුවදොර ආශ්‍රිතව ගාල්කර තිබෙන රජයට අයත් වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා මුදාහැරීමට කටයුතු කරන බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල මහතා අද (26) එහි නිරීක්ෂණයකට එක්වෙමින් පැවසුවේ ය.

වසර 80,000කට පසු හෙට නැගෙනහිර අහසේ වල්ගාවක්...

වසර 80,000කට පසු හෙට නැගෙනහිර අහසේ වල්ගාවක්...

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දිවුරුම්දීමෙන් පසුව, ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබු විවිධ නිලධාරීන් භාවිත කළ වාහන රැසක් එම කාර්යාලයට යාබද ගාලු මුවදොර ප්‍රදේශයේ මෙලෙස ගාල්කර තිබෙනු දක්නට ලැබෙයි.

නව වීසා ක්‍රමවේදයත් සමග සංචාරකයින්ගේ පැමිණීම පහළට...

නව වීසා ක්‍රමවේදයත් සමග සංචාරකයින්ගේ පැමිණීම පහළට...

ඒ අනුව අදහස් දැක්වූ , ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල මහතා පැවසුවේ,

"මේ වනවිට වාහන 107ක් ස්ථාන 4ක ගාල්කර තිබෙනවා. මේවා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ලබාදෙනවා. ගිලන් රථ සඳහා වාහන නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට වාහන නැහැ. පොලිස් නිලධාරීන්ට වාහන නැහැ. මේ තිබෙන වාහන ප්‍රමාණය ඒ ඒ අංශවලට බෙදා දෙනවා."  

Gallery