කෑම ඔතන්න ලන්ච් ෂීට් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..

Sri Lanka Police Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Dec 16, 2022 02:30 AM GMT
Aruna

Aruna

Report

මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකය කැස්බෑව ප්‍රදේශයේ පොලිතින් කර්මාන්තශාලාවක් වටලා තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් ටොන් දෙකකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකාරිය විසින් මේ වසරේදී කරන ලද විශාලතම පොලිතින් වැටලීම මෙය වේ.

අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව කැස්බෑව, බටුවන්දර ප්‍රදේශයේ පොලිතින් කර්මාන්තශාලාවක් වටලා මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට් කිලෝ 2157 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ලන්ච් ෂීට් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතක් පමණ වන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

මෙම කර්මාන්තශාලාවට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට් භාවිතය ඉකුත් 2017 වසරේ නිකුත් කරන ලද අංක 2034/34 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now

ReeCha