මුළු රටම ආවරණය වන පරිදි පාසල් සිසුන්ට දිවා ආහාරය රජයෙන්.
A D Susil Premajayantha
Sri Lankan Schools
By Wayomi
ජනවාරි මාසයේ සිට මුළු රටම ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (15) කොටහේන කුමර විදුහලේ සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින්.
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බව අමාත්‍යවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී පිළිගත්තා.
ඒ අනුව රජය විසින් පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමට රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |