ලෝක කුසලානයේදී ක්‍රීඩිකාවක් සිප ගත් සභාපතිට සිදුවූ දේ - එම අවස්ථාවේ වීඩියෝ සහිතයි - (VIDEO)
ස්පාඤ්ඤය තුළ, ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා විරෝධතාවක් ආරම්භ වී තිබේ.
එයට හේතුවී ඇත්තේ, නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෑගි ප්‍රධාන උත්සවයේදී ඔහු ක්‍රීඩිකාවන් සිප ගැනීමට විරෝධය පළකරමිනි.
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්, නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළ අවස්ථාවේ එක් ක්‍රීඩිකාවකගේ දෙතොල් සිපගෙන තිබුණි.
එය ලෝකයේම අවධානය හිමිකරගත් සිද්ධියක් වූ අතර ලුයිස් රුබියල්ස් සඳහන් කළේ සතුට වැඩිකමට ඔහු එය සිදුකළ බවයි පසුව එම සිද්ධියට මුහුණ දුන් ක්‍රීඩිකාවද ඒ සිද්ධිය විවේචනය කර තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරුව ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවය.
කෙසේවෙතත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ධූරයෙන් ඉවත් නොවන බව සඳහන් කර ඇත. ඒත් සමඟ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇතුළුව එරට පාපන්දු ක්‍රීඩිකාවන් 81 දෙනෙකු තමන් ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසට පවසා තිබේ.
ඔවුන් පවසා ඇත්තේ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ධූරයෙන් ඉවත්වන තුරු ඔවුන් ක්‍රීඩා නොකරණ බවය.
එම අවස්ථාව පහතින් නරඹන්න..
https://youtu.be/cy2dh_kDqYI?si=ec3Starsu3igb-wc
