ලබන සතියේ තෙල් මිලේ සංශෝධනයක්.. විශාල ගණනකින් අඩු කරයි ද ?

Ceylon Petroleum Corporation Sri Lanka Businessman Nalin Fernando
By Aruna Jul 07, 2023 05:30 AM GMT
Aruna

Aruna

Report

ලිහිසි තෙල් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ ඊට අදාළ සමාගම් සමඟ සාකච්ඡා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (06) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම සහ පොලී අනුපාතය අඩු කිරීම හේතුවෙන් ලිහිසි තෙල් මිල ද අඩු කළ හැකි බවයි.

කෙසේවෙතත් මේ වන විට වෙළඳ පොලෙහි ලිහිසි තෙල් සඳහා පවතින්නේ අධික මිලක් වන අතර එය පාරිභෝගික ජනතාවටද දරාගත නොහැකි මිල ගණනකි.

කෙසේ හෝ මෙහි මිල අඩු කිරීමට හැකියාව තිබියදීත් එලෙස අඩු නොකර සිටීම පාරිභෝගික ජනතාවටද ප්‍රශ්ණාර්ථයකි.

ඩොලරයේ සහ බොරතෙල් මිල වැඩි වන විට අධික මිල ගණන් වලින් වැඩි කරන්නටත්, ඩොලරය සහ බොරතෙල් මිල පහත බසින විට සුළු ගණනකින් අඩු කරන්නටත් කටයුතු කිරීමෙන් මෙහි අධික ලාභය කාගේ සාක්කුවට යන්නේ දැයි ජනතාවට ඇති ප්‍රබල ප්‍රශ්ණාර්ථයකි(?).

මේහේතුවෙන් මෙහි වාසිය ජනතාවට කවදා ලැබෙයිද?