වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

Report

අධ්‍යාපන පද්ධතියේ වෙනසක් අවශ්‍ය බව සමාජයේ සියලු පාර්ශ්වයන්ම පිළිගන්නා බවත්, එම ප්‍රතිසංස්කරණය තවම සම්පූර්ණයෙන්ම සකස් වී නොමැති අතර සංවාද, යෝජනා හා භාවිතයේ ගැටලු පිළිබඳ අවධානයෙන්, පියවරෙන් පියවර ක්‍රියාත්මක වන ලැහැස්ති ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.

ඇය මේ බව සඳහන් කළේ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාව අතරතුරදීය.

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පාස්කු විමර්ශනයට බාධාවක්ද?

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පාස්කු විමර්ශනයට බාධාවක්ද?

ඇය පෙන්වා දුන්නේ, පෙළපොත් වෙනුවට මොඩියුල් ක්‍රමය හඳුන්වාදීම, ස්වයං අධ්‍යයනය, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, විෂය තෝරා ගැනීම, තනි දරුවන්ගේ ඇගයීම් හා විශේෂිත විෂය ධාරා තෝරා ගැනීම වැනි අංගයන් යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සකස් කෙරෙමින් පවතින බවය.

“2026 වසරේදී පළමුවෙන්ම 1 සිට 6 ශ්‍රේණි සඳහා මෙම නව ක්‍රමවේදය ආරම්භ කෙරේ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය මාලාවට පමණක් නොව, සමස්ත පද්ධතියටම බලපාන, වගකිවයුතු හා සාර්ථක ප්‍රතිපත්ති පදනමක් මත යුතුය” යැයි ඇය අවධාරණය කළාය.

නව ක්‍රමය යටතේ දරුවන්ට ස්වයං ගවේෂණය මගින් දැනුම ලබා ගැනීමේ හැකියාව ලබා දෙන අතර, ගුරුවරුන් උපදෙස් දෙන මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරන බවත් ඇය පැවසිය. තවද, තොරතුරු තාක්ෂණය සහිත ලෝකයක, දරුවන්ට යහපත් සහ අයහපත් තොරතුරු වෙන් කර හැදෑරීමේ හැකියාවන් ද පිරිමැස්වීමට උදවු කරන බවද ඇය සඳහන් කළාය.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

“අපේ අරමුණ තරගකාරී විභාග පමණක් ඉලක්ක කරගත් දැනුමක් නොවෙයි. සමාජයට වගකීම් සහිතව දායක වන පුරවැසියන් බිහි කිරීමයි. එහෙයින් නව ඇගයීම් ක්‍රම හා තක්සේරු ක්‍රම ක්‍රියාත්මක වේ” යැයි ඇය සඳහන් කළාය.

පෙරපාසල් අධ්‍යාපනය සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ප්‍රතිපත්ති සකස් කිරීම ආරම්භ කර ඇති අතර, වෘත්තීය අධ්‍යාපන විෂයයන් පාසල් මට්ටමින් ඇතුළත් කිරීමටත්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බවද ඇය පැවසීය.

“පාසල් වසා දැමීම අපේ අරමුණ නොවේ. ග්‍රාමීය පාසල් සංවර්ධනය කරමින් සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය පරිසරය සෑදීම අපේ ප්‍රධාන අරමුණයි” යැයිද අග්‍රාමාත්‍යවරිය අවසානයේදී ප්‍රකාශ කළාය. 

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්