එළඹෙන මහ මැතිවරණයේදී කණ්ඩායම් 690ක් තරග වැදීමට සූදානමින්..නාම යෝජනා 74 ක් ප්‍රතික්ෂේප වෙයි..

Electric Vehicle Election Local government Election Latest Headlines
By Sewvandhi Oct 11, 2024 12:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිසම පවසන්නේ, 2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බවයි.

නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි, මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය.

වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා ය. එය 64කි.

අවම කණ්ඩායම් ගණනක් තරග කරනු ලබන්නේ මොනරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් තරග කරයි.

2024 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (11) දහවල් 12ට අවසන් විය. මනාප අංක ඉදිර්යේදී ලබාදීමට නියමිත බවද රත්නායක මහතා පැවසීය.  

........................................................................

You may like this video..👇👇👇