රට වහන තීරණය ගැන අලුත්ම ආරංචිය මෙන්න.

Corona Sri Lanka Lock down Channa jayasumana
By Aruna Aug 20, 2021 08:37 AM GMT
Aruna

Aruna

Report

සතියකට හෝ රට වසා කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්න ලෙස මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් ජනපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා ඉටුකරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට පෙර ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අතර ද සාකච්ඡාවක් පැවැත්වුණා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ ව ගන්නා තීරණ පිළිබඳ ව ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි.

ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව ඉදිරියේ දී දැනුම් දෙන බව ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරුවල වෙනසක් සිදුකිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ජාතික පුවත්පතක් ද අද කරුණු වාර්තා කර තිබූ අතර, රෝහල් කිහිපයක අධ්‍යක්ෂ ධුරවල වෙනසක් ද සිදුකිරීමට නියමිත බවයි එමඟින් දක්වා තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/DNhGNXKAtrVJcC8DL5yqw7


ReeCha