රට විවෘත කිරීම ගැන යුධ හමුදාපතිගේ තීරණය මෙන්න.

Curfew Shavendra Silva Sri Lanka Lock down Gotabaya Rajapakshe
By Aruna Sep 27, 2021 02:06 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ජනාධිපතිවරයා ඉකුත්දා කළ ඉල්ලීමට අනුව එක් එක් ක්‍ෂේත්‍රයට අදාළ සැලසුම් අදාළ ආයතන විසින් මේ වනවිට සකස් කරමින් ඇති බවයි.

ඒ අනුව ලබන ඔක්තෝබර් 01 වන දා රට විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන විට සියලුම සෞඛ්‍ය අංශ ඇතුළු අනෙකුත් අදාල ආයතන සමග සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව එලෙස සාකච්ඡා කළ පරිදි විවිධ කොන්දේසි වලට යටත්ව දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව රට විවෘත කරන බව ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවකයන් සේවයට කැදවිය යුතු ආකාරය පිළිබද තීරණය කෙරෙන සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙනවා.

අද පැවැත්වෙන එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now