නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරේ.. හමුදාපති ගෙන් විශේෂ ප්‍රකාශයක්
curfew
covid19
lockdown
shavendra silva
By Sewvandhi
දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය. එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මස 20 වනදා රාත්‍රියේ 10 සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය
මේ අතර සිසුන් 200ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා පවසනවා.
ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
===============================
You may like ths video
දින 03 කින් කොවිඩ් සුව කරන' කොවිඩ් රෝගින් 2000 කට වඩා සුව කළ කව්රුත් නොදන්න හෙළ වෙදදුරු-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |