සංචරණ සීමා තවත් දීර්ඝ කරයි..? තවත් ප්‍රබලයෙකුගේ නිවේදනයක්..!

curfew lock down asela gunawardhana covd19 sudarshani
By Sewvandhi Sep 03, 2021 03:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පවතින සංචරණ සීමාවන්ගේ ප්‍රතිඵල දැක ගැනීමටනම් දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අවම වශයෙන් තවත් සති දෙකක්වත් දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

මිනිසුන් සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපදින්නේ නම් ධනාත්මකව රෝගීන් සංඛ්‍යාව අඩු වන අතර රට නැවත විවෘත කළ හැකි බව ඔහු සඳහන් කර සිටියේ. ඔක්තෝබර් මැද භාගයේදී එන්නත් ලබාදීම අවසන් වුවහොත් ඔක්තෝබර් අවසානය වන විට රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවේ බූස්ටර මාත්‍රාවක් ලබා දීම පිළිබඳව අවසන් තීරණය ගෙන නොමැති බවයි මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඩෙල්ටා වයිරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම, කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායත් අද රැස් වෙයි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (03ද) පස්වරුව වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අද (03) රැස් වන කොවිඩ් මර්දන කාර්ය සාධන බළකාය කරුණු විශ්ලේෂණය කර ඉන්පසුව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් වූ මෙම තීරණයට එළැඹෙනු ඇති. මේ අතර දිවයින පුරා දැනට පවතින අගුලු දැමීම තවත් සති 2 කින් දීර්ඝ කළ යුතු බව ඊයේ(01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

අගෝස්තු 20 දින පනවා තිබූ දින 10 ක අගුලු දැමීම සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කළ අතර දැනට පවතින අගුලු දැමීම ඔක්තෝබර් 2 දක්වා හෝ අවම වශයෙන් සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.

අගුලු දැමීම සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව විශේෂඥ කණ්ඩායම පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now