ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය..?

covid19 lock down asela gunawardhana sudarshani fernando pulle
By Sewvandhi Sep 02, 2021 03:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදායි. එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 04 ටයි.

මේ අතර,පවතින ලොක් ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කළ යුතු බවප්‍රථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ COVID-19 රෝග පාලන රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

අවසන් තීරණය COVID-19 කාර්ය සාධක බලකාය සතුව පැවතුනද, ඇගේ පෞද්ගලික අදහස නම් COVID-19 රෝගීන්ගේ වැඩිවීම සැලකිල්ලට ගෙන එය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කළ යුතු බවයි ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ.

දෛනිකව රෝගීන් 5,000 ක් පමණ වාර්තා වන අතර, ඩෙල්ටා ප්‍රභේදය වන COVID-19 ව්‍යාප්ත වීමත් සමඟ රෝගීන් 50,000 කට වැඩි සංඛ්‍යාවක් ධනාත්මක බව තහවුරු කර ගත හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම, පෙරේදා දින මෙරටින් තවත් කොරෝනා මරණ 215ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 9,400දක්වා ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්..

මේ අතර,ඊයේ දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2,884ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 944 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 3,828ක්.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery